preloader
Edit Content

About Us

We must explain to you how all seds this mistakens idea off denouncing pleasures and praising pain was born and I will give you a completed accounts off the system and expound.

Contact Info

හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තු වෙන අයට සුබ ආරංචියක්

හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තු වෙන අයට සුබ ආරංචියක්

හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් උදෙසා ගැසට් නිවේදන 02ක් එළැඹෙන සිකුරාදා දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ අනුව 2020 වසරේ සිට 2022 වසර දක්වා අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණු පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබා ගත් උපාධිදාරීන් 850ක් හෙද සේවය බඳවා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඇත්තටම ගත්තොත් අපිට හෙද කාර්ය මණ්ඩලයේ අඩුපාඩුවක් පවතිනවා. උතුරේ පමණක් පවතිනවා ප්‍රාදේශීය රෝහල් 33ක් කිසිදු හෙදියක් නැති. දැන් තමයි අපි අනුමත කරගෙන යන්නේ අපි දැන් 2020,2021 සහ 2022 අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණු අයගෙන් සිසු හෙද හෙදියන් 2,650ක් බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනය මේ සිකුරාදා (18) නිකුත් කරනවා. ඒ නිසා ඒ අයට මේ පුහුණුව සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඊට අමතරව පසුගිය කාලයේදී හෙද උපාධි විදිහට ලබා ගත් 875ක් උපාධිධාරීන් අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නවා ඒකටත් අදාළ කරන ගැසට් එක 18 වැනිදා නිකුත් කරනවා. ඒ අනුව උපාදිධාරීන් කොටසකටත් වගේම AL සමත් කොටසකටත් හෙද සේවය ආරම්භ වීම සඳහා පුහුණුව ආරම්භ කරන්න  අපි සිකුරාදා ගැසට් නිවේදනය නිකුත් කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *